
1983 වසරේ සිට, මේ දක්වා ,වසර හතළිහක කාලයක් මහවැලි Cකලාපයේ දූ දරුවන්ගේ නැණ නුවණ පාදන බ/ මහි/මිල්ලත්තාව විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කිරීමට මාහට ලැබීම නිහතමානී වූ ආඩම්බරයකි . ගෙවුණු කාලය තුළ බ/මහි/ මිල්ලත්තාව විදුමව් තුරුලෙන් සිප් සතර හදාරා ලොව ජය ගත් දූ දරුවන් ප්‍රමාණය අති විශාල ය. 21 වන සියවසට ගැලපෙන පරිපූර්ණ මිනිසුන් බිහිකිරීම දැක්ම කරගත් අපි ඒ සදහා පාසල තුළ විවිධ වූ ක්‍රියාකාරකම් රාශියක් සිදු කරන්නෙමු.දැනුම කුසලතා ආකල්ප වලින් පරිපූර්ණ වූත්,ඒ සියල්ලම ජීවන පුරුදු බවට පත්කර ගත්තා වූත්,පරිපූර්ණ දූ දරුවන් පිරිසක් ලොවට දායාද කිරීමට හැකි වේවා යැයි මම සහෝදර ගුරු මණ්ඩලය සමග එක් සිත්ව ප්‍රාර්ථනා කරන්නෙමි.
ගරු විදුහල්පති.