පාසල් ගීතය
ශිල්ප සතර දී නොමදා
යහ මගටම නෙත හරවා
ලොව පෙන්වන මැණික් පහන
වේ මගෙ පාසල් මාතා//
මිල්ලත්තාවේ දිදුලන
දරු කැල තුරුලේ හොබවන
සදා මිනිස් ගුණ සපුරන
මා සරසවි මව ඔබමය//
මා නොමඟට නොයා දී
දෙන සිප්සත අමාමි
ඔබෙ නාමෙන් ගයා ගී
සදා සිරස නමාමි ///